ප්‍රතිලාභීන්ගේ තොරතුරු ප්‍රවේශය



කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය
වැහෑර, කුරුණෑගල.  දු.ක./ෆැක්ස් :- 037-2222534
ඊ-මේල් ccbrm - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

පොල් වගා කිරීමේ මණ්ඩලයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය දිවයිනේ වයඔ පළාතේ ගිණිකොණ ප්‍රදේශයේ සේවා සැපයීම සදහා පිහිටුවා ඇත. කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22 කට අයත් ග්‍රාම නිළධාරී වසම් 1179 ක් ආවරණය වන සේ ගොවිජන සේවා බල ප්‍රදේශ 37 ක පිහිටුවා ඇති පොල් සංවර්ධන නිළධාරී කොට්ඨාශ 19 කින් එහි වන සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි .

            ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශයට වරිග කි.මී. 4,812ක භූමි ප්‍රමාණයක් අයත් වන අතර එහි කෘෂි කාර්මික භූමි ප්‍රමාණයඅක්කර 375,240 ක් වේ. එම භූමි ප්‍රමාණයෙන් පොල් වගාවේ ව්‍යාප්තිය අක්කර 263,683ක් වන අතර පොල් ගස් 11,074,686 ක පමන ප්‍රමාණයක් එම ඉඩම් තුල ඇත . මෙම ප්‍රදේශය තුල පොල් වගා කරුවන් 177,239 පමණ පිරිසක් පොල් වගා කටයුතු වල නියැලේ.

            මෙම ප්‍රදේශයට අතරමැදි සහ වියළි යන කෘෂි දේශගුණික කලාප අයත් වන අතර සාමාන්‍ය වර්ෂාපතනය මි. මීටර් 1250 ක් ද එය 1100 සිට 1400 දක්වා විචල්‍යතාවයකින් ද යුතු වේ. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය 36 °C ක් වන අතර උපරිම සහ අවම උෂ්ණත්වය පිළිවෙලින් 38°C ක් හා 34°C ක් වේ.

alt