පොලී සහන ප්රතිලාභ පිළිබඳ විමසීම් කිරීම |
ලබා ගන්නා මූල්‍යාධාර සතුටුදායක ලෙස සංවර්ධන කාර්යයන් සඳහා යොදවනු ලබන ණයලාභීන් (වගාකරුවන්) වෙත බැංකුවට ගෙවනු ලබන පොළිය සඳහා 50% සිට 100% දක්වා පොලී සහන ප්‍රතිදානයක් ලබා දෙනු ඇත. කප්රුක ආයොජන ණය මුදලක් ලබා ගන්නා සෑම ණයලාභියෙකුටම පොළී සහන බලපත්‍රයක් ලබාගැනීම සඳහා හිමිකම ඇත. ණය ලාභියා විසින් ණය මුදල ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳව පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය වෙත දැනුම් දී පොළී සහන බලපත්‍රයක් ලබාගත යුතුය. ණයලාභියා විසින් ණය ලබාගත් දිනයේ සිට අවුරුද්දක් ගතවූ පසුව පළවෙනි අවුරුද්දේ පොලී සහන ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන අතර, ඉන්පසු ගතවන සෑම අවුරුද්දක් පාසාම වාර්ෂික පොලී සහන ප්රතිලාභ ලබා ගත හැකිය. මෙම ප්රතිලාභ ලබා ගැනීම සඳහා ණය ලබා ගැනීමෙන් පසු අදාල පොලී සහන අයදුම්පත්‍රය (කප්රුක 14) පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ පොල් සංවර්ධන නිලධාරී කාර්යාලයෙන් ලබාගත යුතුය. එසේ නොමැති නම් කප්රුක ආයෝජන ණය ක්රමයේ මෙම වෙබ් සේවාවේ භාගත කිරීම් යටතේ හෝ මෙහි දැක්වෙන අදාල සම්බන්ධතාව ලබා ගැනීමෙන් අයදුම්පත්‍රය ලබා ගත හැකිය. පොලී සහන අයදුම්පත්‍රයේ ලබාගත් ණය මුදල පිළිබඳව පැහැදිලි ලෙස තොරතුරු සඳහන් කර ණය ලබාගන්නා ලද බැංකු ශාඛාවේ කළමනාකරු හෝ බලයලත් නිලධාරියෙකු ලවා ඔබ විසින් ආපසු ගෙවනු ලැබූ ණය මුදල පිළිබඳ තොරතුරු සහතික කරගෙන පොල් වගාකිරීමේ මණ්ඩලයේ අදාල ප්‍රාදේශීය කාර්යාලයට හෝ පොල් සංවර්ධන නිලධාරී කාර්යාලයට යොමුකළ යුතුය. පොලී සහන ඉල්ලුම්පත්‍රය (කප්රුක 14) යොමු කිරීමෙන් පසු අදාල පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයේ විධායක නිළධාරියෙකු හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු ඉඩම් පරීක්ෂණය සඳහා පැමිණෙන අතර, එහිදී ණය මුදල ලබා ගෙන සිදු කර ඇති සංවර්ධන කාර්යයන් පිළිබඳ නිලධාරියාට තොරතුරු ලබා දිය යුතුය. ඉටු කල නොහැකි වූ යම් සංවර්ධන කාර්යයක් තිබේ නම් එයට හේතුව සහ එම කාර්යය නිම කල හැකි කාලය පිළිබඳව නිලධාරියා දැනුවත් කල යුතුය. පොලි සහන බලපත්‍රලාභි වගාකරුවෙකුට අත්පත්රිකාවේ සඳහන් පරිදි ණය වර්ගය අනුව 100% සිට 50% දක්වා වාර්ෂික පොලී සහන ලබා ගත හැකිය. ඉඩම් පරීක්ෂණයෙන් පසු අදාල තොරතුරු ප්‍රාදේශීය කාර්යාලය මඟින් අදාල ණය ගොනුව සමඟ පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට යොමු කරන අතර, ප්‍රධාන කාර්යාලය මඟින් ඉඩම් පරීක්ෂණ වාර්ථාව සහ අයෙකුත් ලිපිගොනු පරීක්ෂා කාරීමෙන් පසු ගණනය කිරීම් සිදු කර ණය ලබාගත් ගිණුමට චෙක්පතකින් පොළී සහන මුදල ලබා දෙනු ඇත. |